
ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජන හමුවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
"තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කතා කරලා තීන්දුවක් ගනී. එය වැඩි නොවුනා නම් හොඳයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩි කළයුතුයි කියලා ඒ අදාළ නිලධාරීන් තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී තීන්දුවක් ගනී."
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව අද රැස්වන අමාත්‍ය මණ්ඩලයෙදී යළි සකච්ජාවට ගැනෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාෂක අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා ද පැවසීය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරු 05ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මේ අතර වැඩි වූ ඉන්ධන මිල යළි පෙර පැවති තත්ත්වයට ගෙන ඒම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවය.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙම අදහස් පළ කළේය.
0 Comments