අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුප්‍රකට "සැලුන් දොර ඇරලා" කතාව යළිත් මතක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත මතක් කර දී තිබෙනවා.
කැමති කෙනෙකුට යන්න පුළුවන්
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්‍ය අය සිටී නම් එය ආණ්ඩුව තුළ නොසිට ආණ්ඩුවෙන් ඉවත්ව කරන ලෙස ඉල්ලීමක් කරන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත් වීමට අවස්ථාව තිබෙන බව සඳහන් කරනවා.
ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත විවේචනය කරන අය සම්බන්ධයෙන් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් තමාට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් විසින් දැනුම් දී ඇති බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ මන්දැයි තමන්ගෙන් ඔවුන් ප්‍රශ්න කරන බවයි අවධාරණය කරන්නේ.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ අද (6) පළ වූ දිනපතා ජාතික පුවත්පතක් අමතමින්.
නිශ්චිතවම කෙනෙකු ඉලක්ක නොකිරීම
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස නිශ්චිතවම කෙනෙකු ඉලක්ක කොට පවසා නැති මුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉතා දරුණු ලෙස ආණ්ඩුව හා බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කරමින් සිටින අතර ඔහුට පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් , නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.
දයාසිරි ජයසේකර මහතාට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාද ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ප්‍රසිද්ධියේම විවේචනය කරනු ලැබුවා.
මහින්දගේ ජනප්‍රිය කතාව
මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාව සිටියදී ප්‍රකාශ කළ මෙම සැලුන් දොර කතාව ඒ අවධියේ ඉතා ජනප්‍රිය වුණා.
තමා ආණ්ඩුවේ සැලුන් දොර ඇර තිබෙන බැවින් කැමති කෙනකුට ඉන් ඇතුල් විය හැකි බවත් කැමති කෙනෙකුට ඉන් ඉවත් විය හැකි බව එදා මහින්ද රාජපක්ෂ මහතා ජනපති වරයා හැටියට ප්‍රකාශ කළේ විපක්ෂයේ සිටි බොහෝ දෙනකු ආණ්ඩුවට එක් කර ගැනීමේ අරමුණින්.
එහෙත් 2015 ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එවකට ආණ්ඩුවේ සිටි මෛත්‍රීපාල සිරිසේන , රාජිත සේනාරත්න , දුමින්ද දිසානායක , පාඨලී චම්පික රණවක , නවීන් දිසානායක ඇතුළු එවකට ආණ්ඩුව නියෝජනය කළ බොහෝ මැති ඇමති පිරිසක් එම සැලුන් දොරෙන්ම පිටව ගියා.

0 Comments