LATEST NEWS

Jun
17

කිලෝ මීටර් 22ක් බිරිඳ කර තියන් ගිය සැමියාට ලැබුණු තෑග්ග



විවාහයෙන් පස්සේ ඕනෙම යුවලකගේ ප්‍රාර්ථනය දරු සුරතල් බැලීම. දරු සෙනෙහස මව්පිය සැමට පොදුයි. කතාවට කියනවා දරුවෝ වෙනුවෙන් අඩන තාත්තලාගේ කඳුළු බර වැඩියි කියලා. දරුවෝ කියන්නේ තාත්තලාට මහමෙරක්.

ඉකුත් සතියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගිං ගඟේ ජල පහර ඉහළ යාම නිසා මාර්ග සියල්ලක්ම පාහේ වැසි තිබියදී සිය කුළුදුල් දරුවා කුස හොවා ගෙන සිටි ගැබිනි භාර්යාව ඔසවාගෙන කිලෝමීටර් 22ක් ඇවිද ගිය ස්වාමි පුරුෂයෙකු සම්බන්ධයෙන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, ගිං ගඟ පිහිටි කොඩිකන්ද වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කුමාර කියන්නේ ඇත්තටම ආදරණීය ස්වාමි පුරුෂයෙක්. පසුගියදා ඔවුන් ජිවත් වූ නිවාස පවා ඔවුන්ට අහිමි වීමට යන පුවත වාර්තා වුණා.

ඒ අනුව ඔවුන් පදිංචි නිවස වෙත ඊයේ පැමිණි පරිත්‍යාගශීලීන් පිරිසක් එම යුවල විසින් වතු කාර්යාලයට ගෙවිය යුතුව තිබූ රුපියල් 65,000ක ණය මුදල ගෙවා දැමීමට කටයුතු කළා.

තවත් ද්‍රව්‍යමය ආධාර රැසක් ලබා දීමට ද කටයුතු කර තිබුණා.

මේ අතර ඔවුන්ට හැකි ඕනෑම කාලයක් පදිංචිව සිටීමට නිවසක් ලබාදීමට ද එක් පරිත්‍යාගශීලියෙක් කටයුතු කර තිබුණා.

0 Comments