
හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ රටම ආදරය කරන ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්. ඉතින් 2000 වසරේ සිට ස්වර්ණවාහිනී නාලිකාව නියෝජනය කරන දක්ෂ නිවේදකයෙක් ලෙස හරේන්ද්‍ර ජයලාල් හදුන්වන්නට පුළුවන්. වසර ගණනාවක් ස්වර්ණවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කල හරේන්ද්‍ර ජයලාල් 2018 වසරේ ස්වර්ණවාහිනී නාලිකාවට සමු දුන්නා.
නමුත් නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස අමාදහර ඇතුළු විශේෂිත වැඩසටහන් කිහිපයක් පමණක් හරේන්ද්‍ර ජයලාල් විසින් එතැන් සිට මෙහෙයවනු ලැබුවා. අමාදහර වැඩසටහන ඔස්සේ අතිශය ජනප්‍රිය වුනු හරේන්ද්‍ර ජයලාල් වසර දාහතක් පුරා අමාදහර වැඩ සටහනේ නිවේදන ශිල්පියා ලෙස කටයුතු කළා. කෙසේ වුවත් ඊයේ පෝදා අමා දහර වැඩසටහන තුලින් හරේන්ද්‍ර ජයලාල් ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ දැකගැනීමට අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එම නිවේදන කටයුතු සිදු කරනු ලැබුවේ වෙනත් නිවේදකයෙකු විසිනි.
පාලනාධිකාරිය විසින් ඉදිරිපත් කළ කොන්ද්සි වලට අනුව කටයුතු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම, වසර ගණනක් පුරා ස්වර්ණවාහිනී නාලිකාව වෙනුවෙන් සුවිශාල සේවයක් සිදුකළ හරින්ද්‍ර ජයලාල් මහතා මෙලෙස හදිසියේම ස්වර්ණවාහිනියෙන් ඉවත් කිරීමට හේතු වූ බවද වාර්තා වෙනවා.
0 Comments