
ජනතාව දිගින් දිගටම නිරෝධායන රීති උල්ලංඝනය කරන්නේ නම් රට විවෘත කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"මේක වසංගතයක්. අපිට පේන්නෙ නැති සතුරෙක් එක්ක අපි සටන් කරන්නේ. ඒ නිසා ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ. ඒ නිසා අපි දැනට කරගෙන යන පාලන ක්‍රියාවලියන් තවත් හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි. එන්න එන්නම නීතිය කඩකරමින් යනවා නම් මේක ලිහිල් කෙරුවාම, මං හිතන්නේ නෑ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා වගකීම හොඳින් තේරුම් අරගෙන බහුතරයක් ජනතාව හැසිරෙයි කියලා. එහෙම පෙන්නුම් කරනවා නම් ඊළඟට නිර්දේශ වෙන්නේ තවත් සතියකට හෝ දෙකකට සංචරණ සීමා දීර්ඝ කිරීම."
0 Comments