
විනූ සිරිවර්ධන කියලා කියන්නේ දක්ෂ නිවේදන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක්. ඉතින් විවාහයත් එක්ක රාජකාරි බහුල වුණත් මේ දවස්වල පවතින තත්වයත් එක්ක නිවසට වෙලා ඇය කරන කියන දේවල් දැන ගන්න පහුගිය දවසක පුවත්පතක් ඇයත් එක්ක කතා බහ කරල තිබුණා.
ඉතින් ඇය මෙන්න මේ වගේ දේවල් තමයි එහිදී කියලා තිබුනේ. මේ දවස්වල රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙසත් වැඩ කටයුතු බොහොම හොඳින් කෙරීගෙන යනවා. ඇත්තටම මට ඕනම කෑමක් රහට උයන්න පුළුවන්. ඇත්තම කියනවා නම් විවිධ කෑම වර්ග හදන්න අත්හදා බැලීම් කරලා රසටම මට උයන්න පුළුවන් කියලා මම දැන ගත්තේ පසුගිය අවුරුද්දේ කොරෝනා පාලනය වෙනුවෙන් රට වහපු වෙලාවේ.
ගෙදරින් ලැබෙන ප්‍රතිචාරත් හරිම ඉහළයි. කොච්චර ප්‍රතිචාර ලැබෙනවාද කිවොත් කසුන් මට යෝජනාවක් කළා අපි කැෆේ එකක් පවා දාමු කියලා. අනිත් දේ තමයි රස කෑම නිතර හද හදා කාලා අපි දෙන්නාගේම කිලෝ 5 ක් විතර බර වැඩිවෙලා. කසුන් වැඩිපුරම ආස විශේෂිත ක්‍රමයකට මම හදන පැස්ටා කන්න.
ඒ වගේම මම හදන අයිස් මයිලෝ එකටත් ගෙදර හැමෝම වගේ කැමතියි. රෙසපි කිහිපයක් බලලා මගේම ක්‍රමයකට හදන බ්‍රවුන් බේබි එකටත් කලා ලොවේ බොහොම දෙනෙකුත් කැමතියි. ඇත්තම කියනවා නම් ඉවුම් පිහුම් හොඳින් කරන්න පුළුවන් කාන්තාවකට ඉබේම ලොකු වටිනාකමක් ගොඩ නැගෙනවා කියලා මම විශ්වාස කරනවා.
0 Comments