LATEST NEWS

Jul
9

අක්කා නගෝ දූශණය කල නරුමයාට වරස 90ක සිර දඬුවම් - අතවරයට ලක්වූ එක් දැරියක් දැන් නීතීඥවරියක්


වයය 15 සහ 12 වන වියෙහි පසු වූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කල දැරියන්ගේ සුළු පියා සියලු චෝදනා වලට වරදකරු කරමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර අනූවක (90) සිර දඩුවමක් නියම කළා.

විත්තිකරුට එරෙහිව චෝදනා 6ක් යටතේ වෙන් වෙන්ව මහාධිකරණයේ හමුවේ නඩු පැවරුණු අතර සියලු චෝදනාවට වරදකරු කරමින් වසර 25කට පසු අද තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එක් අධි චෝදනාවකට වසර 15 බැගින් මෙලෙස අධිචෝදනා 6 කට වසර 90 ක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම විය. දඩුවම් එකවර ගෙවී යා යුතු බවද අධිකරය නියෝග කෙරිණ.
ads
ඊට අමතරව එක් අධි චෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා 6 ට රුපියල් 60000 ක දඩයක් ගෙවන ලෙසත්, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඩුවමක්ද නියම කළේය.

මීට අමතරව වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසත් එම එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසර 2 ක සිර දඩුවමකට ද යටත් කෙරිණි.

විත්තිකරු සමාජගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින් ඔහු දින 14 ක කාලයක් නිරෝධායනය කර, සිර කරන ලෙසටද විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබීය.

මෙසේ දඩුවම් නියම වූයේ ගල්කිරියාගම පුද්ගලයකු වන අතර අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරු 36 වන වියෙහි පසුවූ අතර නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 61 කි.

විත්තිකරුගේ අතවර වලට ලක් වී ඇති වින්දිත දැරිය මෙරට නීති විද්‍යාලයක් දක්වා ගොස් නීති වෘත්තියේ යෙදී සිටින බව අධිකරණයේ දී කියවුණු තවත් විශේෂ කරුණකි.....

සටහන - ඉසුරු M_ අතපත්තු

0 Comments