
එහිදී ඇය මෙසේ සඳහන් කර තිබුණා.
මගේ අම්මවත් කොවිඩ් මාරයා බිලිගත්තා. ඇත්තම කියනවා නම් තම තමන් වෙන වෙනම පරිස්සම් විය යුතුයි මේ ප්‍රශ්නයේදී. මොකද මෙය ගෝලීය ප්‍රශ්නයක් නිසා ලෝකයේ සෑම තැනකම ව්‍යාප්ත වෙලා ඉවරයි. මේ වයිරස් එක කොහේ තියෙනවාද? කොයි විධියකින් අපේ ඇඟට එයිද කියලාවත් අපි දන්නේ නැහැ.
අපේ අම්මා වුණත් හොස්පිටල් එකට ඇතුළු වෙන විටදී අම්මට කොවිඩ් ආසාදනය වෙලා තිබුණේ නැහැ. නමුත් දවස් 2- 3කින් පසුව කළ පරීක්‍ෂණයෙන් අම්මට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
පසුව ඇයට ඒ තත්ත්වය හොඳ වුණා. ඇත්තටම ඇයට මුලින් ඇගේ පොඩි අසනීප තත්ත්වයක් ඇති වූ නිසා කෑම කන්න අපහසු බවක් ඇති වුණා. ඉතින් දවස් 2 – 3ක් හරියට තිබුණු ශක්ති ප්‍රමාණය අඩුවෙලා තිබුණේ. ඒ සමඟ රෝහල්ගත කිරීමත් සමඟ මේ කොරෝනා රෝගය ඉතා පහසුවෙන් අම්මගේ ඇඟට එන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනි පුංචි දේකින් වුණත් මේ රෝගය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි.
තමන්ගේ කෙනෙක් නැති වෙන කොට තමයි මේකේ අමාරුව හරියටම තේරුම් යන්නේ. ඒ තත්ත්වය අපේ අම්මට වුණ මේ දේත් සමඟ මම හොඳින්ම තේරුම් ගත්තා. නිවුස්වල පවා අපි මේ දේවල් ඇහුවා, දුටුවා. නමුත් ඒ දේවල් එතැනින් අමතක කරනවා. නමුත් ඉතින් තමන්ගේම කෙනෙක්ට සිදුවුණාම ඒ වේදනාව හොඳටම දැනෙනවා.
ඇත්තම කියනවා නම් හැමෝම තමන්ගේ මවුපියන්ව, දරුවන්ව පරිස්සම් කරගන්න. එළියට යනවා නම් දෙයියනේ කියලා පරිස්සමට ගිහින් එන්න. අත්‍යවශ්‍යම කරුණකට පමණක් එළියට යන්න.
මොකද මගේ ගෙදර මගේ අප්පච්චි සහ දරුවෝ දෙන්නා සිටිනවා. ඒ නිසා ඒ අයව මම ආරක්‍ෂා කරගත යුතුය. ඉතින් මමත් අත්‍යවශ්‍යම දෙයකදී පමණයි නිවෙසින් බැහැරට යන්නේ. මම විශ්වාස කරනවා ඔබත් ඒ ආකාරයට පරිස්සමෙන් සිටීවි කියලා.
0 Comments