LATEST NEWS

Jul
9

කන්‍යාවක් ලක්ෂ 3යි! කාමාතුර කෝටිපතියන්ට සැප සැපයූ ජාවාරමක තතු හෙළිවෙයි!


කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ ධනවතුන් හට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ලිංගික ක්‍රියාවන් සඳහා මෙලෙස ඔවුන් වෙත කන්‍යාවියක් සපයා ඇති බව යි වාර්තා වන්නේ.

මෙය සිදුකරගෙන ගිය ජාවාරම්කරු පසුගියදා ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ දී.

මෙම ජාවාරම්කරු “මෙල්ඩා” නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

කන්‍යාවක යැයි පවසමින් වයස අවුරුදු 21ක තරුණියක් පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණීමට සූදානම් වෙද්දී මොහු අත්අඩංගුවට පත්ව ඇති බව යි වාර්තා වන්නේ.

අදාළ තරුණිය පිළිකා රෝගයකින් පෙළෙන්නියක බව පොලීසිය විසින් පසුව අනාවරණය කරගෙන තිබෙනවා.

එම තරුණිය මිලට ගැනීමට සූදානම් වූ තැනැත්තා පොළොන්නරුව ප්‍රාදේශීය සභාවල ඉදිකිරීම් භාරව සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකු බව යි පැවසෙන්නේ.

මීට පෙර වයස අවුරුදු 15ක දැරියක් ද කන්‍යාවක් ලෙස අදාළ ව්‍යාපාරිකයාට විකිණීමට මෙම ජාවාරම්කරු කටයුතු කර ඇති බවත් එම දැරිය එලෙස විකුණා ඇත්තේ ලක්ෂ 03ක මුදලකට බවත් අනාවරණය වී තිබෙනවා.

පිළිකා රෝගී තරුණිය ද විකිණීමට සූදානම්ව සිට ඇත්තේ ලක්ෂ 03ක මුදලකට යි.

තරුණිය මිලට ගැනීමට සූදානම් වූ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන විශ්ලේෂණය කර ඇති අතර, පිළිකා රෝගී තරුණියව මිලට ගැනීම පසුගිය සතියේ දී සිදුකිරීමට සූදානමින් සිට ඇති බව එමගින් තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙම කෝටිපති ව්‍යාපාරිකයා හට කන්‍යාවන් සොයා දීමේ දී අදාළ තරුණියන් සහ දැරියන්ගේ කන්‍යාභාවය ඔප්පු කිරීම පිණිස වෛද්‍ය සහතික පවා මෙල්ඩා නමින් හඳුන්වන ජාවාරම්කරු විසින් ලබා දී ඇති බව අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු තරුණියන්ගේ සංචිතයක් පවත්වාගෙන යමින් ඔවුන්ව ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සිදුකරගෙන ගිය මෙරට ප්‍රධාන පෙළේ ගණිකා ජාවාරම්කරුවෙකු බව ද හෙළි වී තිබෙනවා.

0 Comments