
පසුගිය දවස්වල බුකියම සංවේදී කරපු ආදරණීය සුනඛ සුරතලා කේන්ව ඔබට මතක ඇති.. මේ සුනඛයාට කඩු පහර එල්ල කරපු පාපතරයින් කිහිප දෙනෙක් ඒ තිරිසන් සත්ත්වයාගේ දෙපා අහිමි කළා.
වේදනාවෙන් කෑ මොර දෙන "කේන්ගේ" සංවේදී වීඩියෝ බුකියේ හැමතැනම හුවමාරු වුනේ "මිනිසුන් අතර ප්‍රශ්නවලට සතුන්ගෙන් පළිගන්න එපා" කියන "කැප්ෂන්" එකකුත් එක්ක...
කොහොම වුණත්, වෛද්‍යවරයෙක් මේ අහිංසකයාට ආයේ ජීවිතය දීලා. ඒ වගේම ළඟදීම දවසක කේන් පුරුදු විදිහට අපි අතරට ඒවී..
මේ ඒ ගැන බුකියෙන් හමුවූ සටහන් කිහිපයක්....
ආදරණීය කේන්...
එයාට දැන් ගොඩාක් සනීපයි...
තාම ඉස්සර විදියට දුව පැන ඇවිදින්න, සෙල්ලම් කරන්න විතරයි බැරි...
එයා ලගදීම නැගිටීවි.....
ලංකාවෙ පලමු වතාවට එයාට ලස්සන
අත් දෙකක් ලැබේවි....
ඔබ හැමගෙන් ලද ප්‍රාර්ථනාවන් වලට
බොහොමයක් පිං..
#Dr_Ashan_Lanka ගේ මහන්සියෙන් ආයෙත් ජීවිතය ලබපු #කේන්
වෙනදා වගේ හිතේ හැටියට දුවලා පැනලා සෙල්ලම් කරන්න බැරි වුණාට එයාට වුණු දේත් එක්ක එයා හිටපු අසාධ්‍ය තත්ත්වයෙන් එයාව බේරගෙන රැකබලා ගන්න වගේම ආයෙත් ඉස්සර වගේ සෙල්ලම් කරන්න ලගදිම එයාට අලුත් කකුල් දෙකක් දෙන්න මහන්සි ගන්න හැමෝටම ගොඩක් පින්


0 Comments