LATEST NEWS

Jul
7

චීන ජාතික ධජය සහිත ශ්‍රී ලංකා රුපියල් 1,000 කාසියක්



ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් රුපියල් දහසේ සමරු කාසියක් නිකුත් කර තිබේ.

එම කාසිය ඊයේ (ජූලි 6) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සබඳතාවට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මධ්‍යයේ දැක්වෙන අතර එහි 2022 යන්න රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත.

කාසියේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව - චීනය වසර 65යි” යනුවෙන් සටහන් කර තිබේ.

කාසියේ අනෙක් පස රුපියල් දහස සහ “චීන කොමියුනිස්ට් පක්ෂය” යනුවෙන් භාෂා ත්‍රයෙන් සඳහන් වී ඇති අතර රන් සමරු කාසි 500ක් සහ රීදි සමරු කාසි 2000ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කර ඇත.

0 Comments