LATEST NEWS

Jul
9

කොවිඩ් රෝගියෙක් එන්නත් මධ්‍යස්ථානයකින් බෙහෙත් විදගෙන


කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙක් මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත් ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

එම පුද්ගලයන් පිළිබඳ අනාවරණය එම මධ්‍යස්ථානයෙන් එන්නත් කරගත් පිරිසක් හා එන්නත් ලබා දුන් කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට මීගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පියවර ගෙන ඇත.

අදාළ කොවිඩ් ආසාදිත පුද්ගලයා පානළුව සම්පත් මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකි. ඔහු ජූලි 02 වන දින කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී තිබේ.

ඔහුගේ පවුලේ සියලු දෙනා ජූලි මස 10 වන දින දක්වා නිරෝධායනයට ලක් කර තිබියදී එන්නත් ලබා ගැනීමට පැමිණ ඇත.

එෆ්. අස්ලම්

0 Comments