LATEST NEWS

Jul
9

බදියුදීන්ගේ නිවසේ සිටි බාලවයස්කාර දැරියක් බරපතල තුවාල ඇතිව ජාතික රෝහලට


රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බව කියන බාලවයස්කාර දැරියක් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු 16ක් වන මෙම දැරිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර එම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැත.

දැනටමත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම දැරිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක් ඇයි ද හෙළි වී ඇත.

0 Comments